ආයේ බීලා යන්න එපා බඩු ඇවිත් තියෙන්නෙ
පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි බීමත් රියදුරන් හඳුනාගැනීමට භාවිතා වන ඇල්කොලයිසර් (බැලුන්) උපකරණ මෙරටට ගෙන්වා ඇති බව රථවාහන මූලස්ථානයේ අධ්යක්ෂවරයා සඳහන් කරයි.
ඔහු සඳහන් කලේ, අද (23) දිනයේ සිට මෙම උපකරණ දිවයිනේ පොලිස් ස්ථාන වෙත යැවීමට කටයුතු කරන බවයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු මෙරටට ගෙන්වා ඇති ඇල්කොලයිසර් 80,000කට ආසන්න ප්‍රමාණය දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා හැරීමට නියමිත බව රථවාහන මූලස්ථානය නිවේදනය කරයි.
මෙම උපකරණ බෙදා හැරීම, රජයේ රස පරීක්ෂකවරයා වෙත වාර්තා කිරීමෙන් පසුව සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් ලෙස සිදු කෙරෙන බවද සඳහන් වේ.
ඒ අනුව, මෙම උපකරණ බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති බවද වාර්තා වේ. මෙම පියවර මඟින් බීමත් රියදුරන් හඳුනාගෙන අනතුරු අවම කිරීමේ අරමුණ ඉටු කිරීමට පොලිසියට හැකි වනු ඇත.