කිරි මාළු සඳහා තීරුබදු සහන
දේශීය කිරි මාළු (Milk Fish) නිෂ්පාදනය දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලිය හැකි වන තෙක් ආනයනික කිරි මාළු සඳහා තීරුබදු සහන ලබාදීමට ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම නව පියවර යටතේ ආනයනික කිරි මාළු සඳහා වෙනම සමගාමී පද්ධති කේතයක් (HS Code) හඳුන්වා දෙන අතර, එම ආනයනය ලියාපදිංචි ධීවර සමිති හරහා පමණක් අවසර දෙනු ලැබේ.
ඊට අමතරව, ආනයනික වෙක්කායා මාළු සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 180ක විශේෂ වෙළඳ බද්දක් අය කෙරෙන අතර, විශේෂයෙන් ආනයනය කරන ධීවර සමිති සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 130ක සහනයක් හිමි වේ.
කිරි මාළු, රිබන් මාළු, පියාඹන මාළු සහ කට්ල්ෆිෂ් (Milk fish, Ribbon fish, flying fish, and Cuttlefish) වැනි විශේෂ ඉතා ඉහළ තත්ත්වයේ ටූනා ඉලක්ක කරගත් බහුදින ගැඹුරු මුහුදු ධීවර යාත්‍රාවල දිගු රේඛා ධීවර ආම්පන්නවල ඇමක් ලෙස බහුලව භාවිතා වේ. මෙම ඇල්ලීම් ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ අගයක් ගන්නා අතර, ධීවර සම්පත් තිරසාරව භාවිතා කිරීමේ ප්‍රවේශයක් නියෝජනය කරයි.
වර්තමානයේ රටේ බහුදින ධීවර යාත්‍රා 2,200ක් පමණ ක්‍රියාත්මක වන අතර, වාර්ෂිකව ඇම මාළු මෙට්‍රික් ටොන් 8,000ක් පමණ අවශ්‍ය වේ. නමුත් දේශීය නිෂ්පාදනයෙන් සැපයිය හැකි වන්නේ මෙට්‍රික් ටොන් 4,000ක් පමණි.
මෙම හිඟය පියවා ගැනීම සඳහා නුදුරු අනාගතයේ දී දේශීය කිරි මාළු නිෂ්පාදනයට පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීමට රජය සැලසුම් කර තිබේ.
මෙම තීරුබදු සහනය දේශීය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ ආනයනය මත රඳා පැවතීම අඩු කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.