සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳව සුභ ආරංචියක්
අධ්‍යාපන කටයුතු සඳහා සෞඛ්‍ය ගැටලු හේතුවෙන් බාධා මතුවන සිසුන්ට අඛණ්ඩව අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ වැඩසටහන සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල්ඩ් ලිමිටඩ් සමග ගිවිසුම් ගනිමින්, රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ලක්ෂ 40ක් පමණට සෞඛ්‍ය, අනතුරු සහ ජීවිත රක්ෂණාවරණ පහසුකම් ලබාදීමට ක්‍රියාත්මක කරයි.
මෙම වැඩසටහනේදී හඳුනාගත් ගැටලු සැලකිල්ලට ගනිමින් සංශෝධන ඇතුළත් කර 2025/26 වර්ෂය තුළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවත් ලබා දී තිබේ.
ඒ අනුව,
2025/26 වර්ෂයට අදාළව 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2026‑08‑31 දින දක්වා ක්‍රියාත්මක කිරීම.
දෙමාපිය මරණ ප්‍රතිලාභය ලබා දීමේදී සලකා බලනු ලබන අඩු ආදායම්ලාභී කාණ්ඩයේ වාර්ෂික ආදායම රුපියල් 180,000/- සිට රුපියල් 240,000/- ලෙස සංශෝධනය කිරීම.
කොඳුඇටපෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා සහ කර්ණශංඛ උපකරණ (Cochlea Equipment) සඳහා රුපියල් 75,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සඳහා සහ තවත් හඳුනාගත් රෝග 07ක් සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට රුපියල් 20,000/-ක් දක්වා ප්‍රතිලාභ ලබා දීම.
අසාධ්‍ය රෝග කාණ්ඩය සඳහා Pneumothorax, Encephalitis, Thalassemia, Hereditary spherocytosis සහ Sickle cell anemia යන රෝග 5 අලුතින් එක් කිරීම. 2025‑09‑01 දින සිට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් අයදුම්පත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත බාර දීමට අවස්ථාව සැලසීම.
යන කරුණු ඇතුළත් කරමින් එම රක්ෂණාවරණය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.