ස්වාභාවික ආපදාවලින් ලක්ෂ 3ක් මරුට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසන්නේ ස්වභාවික ආපදාවලින් ඉකුත් වසර 04ක (2020-2024) කාලය තුළදී පුද්ගලයින් 318000 ක් පමණ මියගොස් ඇති බවයි.
ඊයේ (22) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු වූ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සාමාන්‍යයෙන් වසරකට ස්වභාවික ආපදාවලින් ලොව 40000-50000 ක පමණ පිරිසක් මියයන බවත් ඉකුත් 2020 සහ 2024 වන කාලයේදී විශාල ප්‍රමාණයේ ස්වභාවික විපත් 2180 ක් වාර්තා වී ඇති බවත්ය.
එමෙන්ම වාර්ෂික ස්වභාවික ආපදා වාර්තා වීම 400-500 ක අගයක තිබෙන අතර ගංවතුර, භූමි කම්පා, කුණාටු, ගිනිකඳු පිපිරීම්, ලැව්ගිනි, ගැල්සියර් දියවීම, කදු කඩා වැටීම, හිම පතනය, වියළි කාලගුණය වැනි ස්වභාවික විපත් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
වැඩිදුරටත් මහාචාර්වරයා සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරයේ නාය යෑමට ලක්ව තිබෙන හා ඉදිරියේ නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශ සැලකීමේදී නිවාස අහිමිව සිටින පවුල් සඳහා තනි නිවාස ඉදිකර දීමට වඩා ප්‍රායෝගික වන්නේ නිවාස සංකීර්ණ ඇතිකර ඔවුන් පදිංචි කරවීම බවයි.
එමෙන්ම ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසවල ස්වභාවය සැලකීමේදී ඉදිරියේදීත් මේ අකාර ස්වභාවික ව්‍යසනවලට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ස්වභාවික ආපදා සිදුවීම නතර කළ නොහැකි නමුත් ඒවායින් වන බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබෙන බවත් ලෝකයේ දියුණු රටවල් ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බවත් ඔහු සදහන් කරයි.