ඉන්දීය විදේශ ඇමති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර අද (23) අරලියගහ මන්දිරයේදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග සංවර්ධනය, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්රවලට ඉන්දියාවේ සහාය ලබාදීමට ඇති සූදානම ආචාර්ය ජයශංකර් මහතා විසින් තහවුරු කරන ලදී.

දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූ බව වාර්තා වේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකා-ඉන්දියා ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීමට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.