කාලගුණය කැළඹෙයි - දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් - හෙටත් මි. මී. 100 ට වැඩි තද වැසි

Report

හෙට(21) දිනය සඳහා කාලගුණ අනාවැකිය අද ප.ව. 2.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව දන්වයි.

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක්

එමෙන්ම උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

කෙසේ වෙතත් අඳාළ නිවේදනයෙන් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව

මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව