බේකරි නිෂ්පාදන මිල ගැන ආරංචියක් - පාන් බනිස් කේක් ඉස්සරහට තවත් වැඩිවෙයිද?
අද (26) දින බේකරි නිෂ්පාදන ආශ්රිත කර්මාන්තකරුවන්ව ඉන්ධන සංශෝධනයත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත කැදවා ඇත.
මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කිරීම පිළිබදවය.
විසින් මෙම සාකච්චාවේදී වෙළෙඳ අමාත්‍යවරයා විසින් බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි මිල එළඹෙන අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ තමන් හමුවූ අවස්ථාවේ පොරොන්දු ලබා දුන් බව සිහිපත් කළේය.
එමෙන්ම අලුත් අවුරුදු සමයෙන් පසුව තිරිඟු පිටි මිල යම් ආකාරයකින් ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිකරන්නේදැයි ප්‍රශ්ණ කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවයි. එම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.