හිතාගන්නවත් පුලුවන්ද මෙහෙම දෙයක්..

By Piyumika Jan 26, 2025 03:33 AM GMT
Piyumika

Piyumika

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබේ. එහිදී නඩු පැවරීම් 23, 953ක් සිදුකර ඇති අතර ඉන් අවසන් වූ නඩු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක්ද නියම කර තිබේ.

එහෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් කටයුතු සිදු කිරීමටද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO)

හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO)

අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සගවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම, තරඟ විරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇත.

අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුණු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3114ක් , පාන් සම්බන්ධව වැටලීම් 1624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1086ක් ලෙස සිදුකර තිබේ.

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

වැටලීම් සිදු කිරීමේදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇදුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනවලදී පරීක්ෂාවට ලක්කර ඇත. සියලුම දිස්ත්‍රික්කවල මෙම වැටලීම් ක්‍රියාත්මක කළ අතර වැඩිම වැටලීම් සිදුකළ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කුරුණෑගල, ගම්පහ, මහනුවර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කයන්

වර්ෂය තුළ එක් දිස්ත්‍රික්කයක් දහසකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කය වසර තුළදී වැටලීම් 2282ක් සිදුකර තිබේ.

2025 වර්ෂයේදී පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීමටත්, උපායදූතයන් මගින් වෙළෙදුන් විසින් සිදුකරනු ලබන වැරදි හදුනාගෙන නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.  

You may like this video

ReeCha