නවකවධය පාසලටත් ඇවිත්...පාසල් සිසුවියකුත් සියදිවි නසා ගන්න හදලා
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ දී පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබෙන බවට වාර්තා වේ.
ඒ සමඟ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ම සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...
ඒ අනුව ඊයේ (02) දින දහවල් කාලයේ දී අඳාළ සිසුවිය කාර්මික විද්‍යාලය ආසන්නයේ තිබූ වැවකට පැන තිබෙනවා.
එම අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් විසින් සියදිවි නසා ගැනීමට උත්සාහ කළ සිසුවිය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අඳාළ සිසුවිය මෙසේ සියදිවි හානිකර ගැනීමට ගොස් ඇත්තේ නවකවධය ලබාදීමේ සිද්ධියක් නිසා බවයි.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ මේ වන විට අඳාළ සිසුවිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත් පවසයි.
එසේම මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ කුලියාපිටිය පොලිසිය විසින් අදාළ සිසුවියට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
එසේම කුලියාපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
