අයහපත් කාලගුණය හා ධීවර කටයුතු අඩාල වීමෙන් මාළු මිල ඉහළ යයි

Report

මාළු මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.

2025 මැයි මස මුල සිට මාළු මිල මෙසේ ඉහළ ගිය බවත්, මෙම මිල ඉහළ යෑම හේතුවෙන් වෙළදාම් කටයුතු ද සැලකිය යුතු ලෙස අඩු වූ බවත් මාළු වෙළෙන්දන් ප්‍රකාශ කළහ.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

හැටන් ප්‍රදේශයේ මත්ස්‍ය අලෙවි වෙළදසැල්වල තලපත්, කොප්පරා කිලෝවක සිල්ලර මිල රු.3200 – 3400 දක්වාත්,තෝරු රු.3800 ත්, කෙළවල්ලා කිලෝවක් රු.2900ත්, බලයා කූරි පිටින් රු.1800ත්, පරවු රු.2000 - 2200ත්, ලින්නා රු.1300, සාලයෝ රු.900 ත්, පියා මැස්සන් රු.900 ත්, හුරුල්ලෝ රු. 1700 ත්, හාල්මැස්සන් රු.700 ත්, දැල්ලන් රු.2200ත්, ඉස්සන් රු.2400 ත්, කිරිමොරු රු.2800 ත්, සීලෑවෝ රු.1800 ත්, වැනි මිලකට අලෙවි කිරීම් සිදු කෙරෙනවා.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පවතින අයහපත් කාලගුණය සහ වාරකම් කාලය හේතුවෙන් මුහුදේ රළු බව වැඩිවීම නිසා ධීවරයන් විශාල පිරිසක් මුහුදු යාමෙන් වැළකී සිටි බවත්, ඒ හේතුවෙන් ඉල්ලුමට සරිලන මාළු සැපයුමක් මේ දිනවල නොමැති වීම මාළු මිල ඉහළ යාමට හේතුවූ බව වෙළෙන්දන් ප්‍රකාශ කළහ.

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද