"..කලබල වෙන්න එපා..!දරුවෝ කාටවත් කරදරයක් නෑ..." බිහිසුණු අනතුර ගැන වීඩියෝවක් එළියට එයි - සංවේදී දර්ශන සහිතයි..(VIDEO)
"අපි ආපු බස් එක ඇක්සිඩන්ට් වුණා. අපේ ළමයි කාටවත් ලොකු තුවාල නෑ. කවුරුත් කෝල් කර කර කලබල වෙන්න එපා. සුලු තුවාල වෙච්ච අය නුවරඑළිය හොස්පිට්ල් එකට ගෙනිච්චා. අපිත් මේ හොස්පිට්ල් එකට යන ගමන්.. අපේ ළමයින්ට ලොකු කරදරයක් නෑ !''
මේ නුවරඑළිය, රදැල්ල දුර්ග මාර්ගයේ දී අද (20) සවස අනතුරට ලක් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයේ සිටි පුද්ගලයෙක් නිකුත් කළ වීඩියෝවක්.
එම වීඩියෝව හරහා ඔහු පවසන්නෙ අනතුරට ලක් වූ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයේ සිටි දරුවන්ට සුලු තුවාල හැරුණු විට බරපතළ තුවාල සිදු වූ කිසිවෙකුත් නොමැති බවයි.
රදැල්ල දුර්ග මාර්ගයේ මෙම බස් රථය පහළට පැමිණෙන විට තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් යට කරගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන මීටර 50ක පමණ දුරක් ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නෙ.
මේ දරුණු අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි 7 දෙනෙකු මියගොස් ඇති බව නුවරඑළිය රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා. මීට අමතරව අනතුර හේතුවෙන් තවත් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නෙ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
        ![දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූවන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට [PHOTOS]](https://cdn.ibcstack.com/article/ef6bba1a-5178-4066-8458-bb841ae5113b/25-69037d9d0c69a-sm.webp) 
         
         
        