නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මියගිය කත (VIDEO)

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15) සොයාගෙන තිබෙනවා. ඒ රඹුක්කන ,හිරිවඩුන්න ,පිටවල ප්‍රදේශයේ පිහිටි ඇය ජීවත් වූ නිවසේ ඇඳක් මත තිබියදීයි.

65 හැවිරිදි වියෙහි පසුවූ මෙම විදෙස් ජාතික කාන්තාව, අදාළ නිවසේ පදිංචිව සිටිමින්, මාර්ගවල සිටින සුනඛයින්ට ආහාර ලබාදීම සිය දෛනික පුරුද්දක් බවට පත් කරගෙන සිටි බවයි වාර්තා වන්නේ.

අද උදෑසන සොයාගත් මෙම මළසිරුරේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ඇති අතර,එහිදී ඔහු නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කෑගල්ල මහරෝහල වෙත යොමු කරන ලෙසයි.

මෙම විදෙස් ජාතික කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය රඹුක්කන පොලීසිය විසින් සිදු කරන අතර,දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now