කොවිඩ් ද..? ගුවන් හමුදාපතිත් නිරෝධායනයට

By Sewvandhi Aug 25, 2021 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගෙ තිබේ.

ඉන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිරෝධායනය වෙමින් රාජකාරී කටයුතුවල නිරතවෙමින් ඇති අතර මේ වනවිට ඔහුගේ දෙවන සතිය ගතකරමින් සිටින බවය.

එමෙන්ම,චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර,හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි. මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් පලවනවා.

පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස්බුක් කණ්ඩායමක (Group)කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…”යනුවෙන් පහත සටහන පලකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.

ඔහුද කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා. ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery