ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයෙන් ජනතාවට දැනුම්දීමක් - ප්‍රශ්ණ විසදගෙන ඉන්ධන ගන්න එන්න
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ QR කේතය සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටලු විසඳාගෙන අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙසයි.
කුමන හදිසි අවශ්‍යතාවයක් ඇති වුවද QR කේතය නොමැතිව අද සිට ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති, කුමාර් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.
"QR කේතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම්, 1919 දුරකථන අංකයට කතා කරලා, එම ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉන්ධන පිරවුම්හලට එන්න. අපි ඊයේ පෙරේදා යම් යම් සහන දුන්නා QR කේත නැතුව ඉන්ධන නිකුත් කරන්න. නමුත් දැන් නම් QR කේතයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ. හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපිට කරන්න දෙයක් නෑ. වෙන අයෙකුගේ වාහනයක ඒ හදිසි අවශ්‍යතාවයට යන්න කියලා කියනවා."