ලෝකයේ හොඳම ගුවන් සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

By Kaushi Oct 30, 2025 04:46 PM GMT
Report

ලෝකයේ හොඳම ගුවන් සේවය වශයෙන් ස්කයිට්‍රැක්ස් (Skytrax 2025) මඟින් තේරී පත් වූ කටාර් එයාර්වේස් (Qatar Airways) ග්‍රැමී සම්මානලාභී කලාකරුවා, ව්‍යවසායකයා සහ ජාත්‍යන්තර නිර්මාණශීලී බලවේගයක් වන Swizz Beatz සමඟින් පෙර නොවූ විරූ සංස්කෘතික හවුල්කාරිත්වයක් නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සුවිශේෂී සහයෝගීතාව Art Basel Paris 2025 හිදී එළිදක්වා තිබෙනවා. කටාර් එයාර්වේස්, Art Basel හි ප්‍රමුඛතම ගෝලීය ප්‍රදර්ශන පහේම Premium Partner වශයෙන් කටයුතු කර‍යි.

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

කෙසේ වෙතත් මෙම හවුල්කාරිත්වයේ ආරම්භය සනිටුහන් කරමින්, Swizz Beatz සහ Alicia Keys මඟින් ආරම්භ කරන ලද 'The Dean Collection' ආයතනය සමඟ කටාර් එයාර්වේස් එක්ව, Qatar Airways Creative 100 වැඩසටහන දියත් කර ඇත.

වාර්ෂික වේදිකාවක් වන මෙහි අරමුණ ගෝලීය සංස්කෘතියේ අනාගතය හැඩගස්වමින් සිටින වඩාත්ම බලගතු නිර්මාණකරුවන් 100 දෙනා සැමරීම බව සඳහන්.

එසේම මෙම වැඩසටහන 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වෙන Art Basel Qatar හිදී ප්‍රධාන උත්සවයකින් සමාරම්භ කිරීමට නියමිත බව ද පවසයි.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න

වැඩි පඩියට රට යන්න ඉන්න අයට අසුභ ආරංචියක් - දැනගෙනම යන්න

වැඩි පඩියට රට යන්න ඉන්න අයට අසුභ ආරංචියක් - දැනගෙනම යන්න