ජනප්‍රිය නිරූපිකා ත්‍රිකලා ධරණිගෙන් පුෂ්පිකා ද සිල්වාට සැර පහරක් (PHOTOS)

gossip Pushpika de silva Thrikala dharani
By Sithumi Jan 20, 2022 06:40 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා බහට ලක්වෙන සුවිශේෂී චරිතයක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. ඇය ගැන ගොඩක්ම හොඳටම හඳුනන විදිහක් තමයි මෑත කාලයේ රෝසපාට range rover රථයක් සමග ඡායාරූප වලට පෙනී සිටින තරුණිය ලෙස.

ඉතින් ඇය මේ වන විට නිරූපිකාවක් විදිහට තමයි බොහෝ දෙනා හඳුනන්නේ. ඉතින් ඊට අමතරව ඇය 2017 වසරේ මිස් යුනිවර්ස් තරඟයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වනවා .එහිදී ඇයට මිසිස් යුනිවර්ස් honesty කියන කිරුළ දිනා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් ලංකාව නියෝජනය කරලා මිසිස් යුනිවර්ස් තරගයකට රටවල් අනූවක් සමගින් ලංකාව නියෝජනය කරමින් එම තරගයට සහභාගි වෙලා කිරුළක් දිනා ගන්නට හැකියාවක් ලැබුණු තරුණියක් තමයි ඇය

. ඒත් එක්කම ගුවන් සේවිකාවක්, aircraft maintenance engineering වලින් සුදුසුකම් ලද කෙනෙක් විදියටත් ඇය විසින්ම හදුන්වා දෙනවා. ඊට අමතරව ඇය විශාරදවරියක්. ඒත් එක්කම මේ සියලු කරුණු කාරණා සමඟින් ඇය විසින් ඇයව හඳුන්වා දෙන තවත් ආදරණීය විදිහක් තමයි ආදරණීය මවක් කියලා

. ඒත් එක්කම දයාබර බිරිඳක් දියණියක් විදියට ඇගේ භූමිකාව තුළ ඇය අපූරුවට තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු කෙරෙන කාන්තාවක් විදිහට හඳුනාගන්නවා. ඉතින් ලංකාවේ පොහොසත්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් 2017 වසරේදී මිසිස් යුනිවර්ස් කිරුළක් දිනාගත්ත ඇය පසුගිය දවසක පැවැත්වුණු ලෝක විවාහක රූ රැජිණ කිරුළ සඳහා සහභාගි වූ පුෂ්පිකා ද සිල්වා ගැන මුහුණු පොත ඔස්සේ සටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

ඉතින් ඇගේ සටහන තමයි මේ. මගේ රට නියෝජනය කරන්නට ලෝකයේ වැඩිම රටවල් ගනනක් සහභාගිවන විශාලතම රූ රැජින තරගාවලියට ගිය කිරුළක් දරාපු කෙනෙක් නිසාවෙන් රට ගැන පොඩි හරි කැක්කුමක් ඇති නිසාවෙන් ද තවත් නිහඬව සිටීම රටේ ජනතාවට කරන අසාධාරණයක් ද නිසාවෙන් මෙලෙස ලියමි. යම්කිසි රූ රැජින තරගාවලියක විශාලත්වය තීරණය වෙන්නේ එම ලෝක තරගාවලියට සහභාගි වන රටවල් ගණන අනුව.

ඒ අනුව යුනිවර්ස්, වර්ල්ඩ් තරගාවලි දෙක ලොව වඩාත්ම පිළිගත් ද්විත්වය වේ. මෙම විවාහක රූ රැජන තරගාවලියෙන් ලංකාවෙන් ජය ලබා යම්කිසි රූ රැජිනත් රට නියෝජනය කරන්නට යන විටත් අනිවාර්යයෙන් සම්පූර්ණ විය යුතු සාධක ඇත. ඒ අතර සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ලෝකයේ කාන්තාවන්ට ආදර්ශයක් වෙන්නට හැකියාව ඇති, කෙනෙක්ට උපදෙසක් දීමට personality එකක් තියෙන, රෝල් මොඩ්ල් කෙනෙක් විය යුතුය.

දරුවකු සිටීමද මෙයට අතිශය වැදගත් කාරණාවකි. මක්නිසාදයත් පවුල නමැති ලොව කුඩාම ඒකකය සමබරව පවත්වා ගන්නට නොහැකි කෙනෙකුට ලොවටම ආදර්ශයක් වන ඔටුන්නක් දරන්නට නොහැකි බැවිනි. ඒ අතරම සමාජ දැනුම භාෂාව හැසිරවීම යම් මට්ටමකට උගත් කමක් තිබීම ද අනිවාර්ය වේ. මේ කිසිම දෙයක් නැති කෙනෙක් රටක් නියෝජනය කරන්න යැවීම ලෝකයක් ඉස්සරහ උඩ බලන් කෙළ ගහ ගත්තා වගේ ක්‍රියාවක්. මෙවැනි තරගාවලියක කිසිවිටෙකත් හතර පහ හය ආදී ස්ථාන තෝරන්නෙ නැති බවවත් ලොකු බොරුවක් කියන්නට ප්‍රථමයෙන් ගූගල් කරල හරි බලන්න තිබුණා මොලේ චුට්ටක් හරි පාවිච්චි කලා නම්. ඒ මදිවට නිව්ස් වලටත් දීලා තිබුණා.

ප්‍රසිද්ධ වෙන්න ඕනා නම් මෙගා ටෙලි නාට්‍යයක රඟපාන්න. හැමතිස්සෙම ටීවී එකේ පේන්න ඉන්න රූ රැජනක් කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හිට් වෙන්න එන අය ප්ලීස් මේ ක්ෂේත්‍රයට එන්න එපා. රටේ නම තමන්ගේ නම ක්ෂේත්‍රයේ නම ලෝකේ ඉස්සරහ විහිලුවක් නොකර ඉන්න බලන්න කියලා තමයි මේ විදිහට තමයි ත්‍රිකලා ධරනි ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා පෙනී සිට පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඇය ප්‍රකාශ කරපු යම් කාරණාවක් පිළිබඳව අදහස් දැක්වීමක් සිද්ධ කළේ


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery