පුෂ්පිකා යළිත් බුකිය උණුසුම් කරයි ..තවත් හිටපු විවාහක රැජිනක් සමග ගැටුමක්.(PHOTOS)
Sri Lanka
Rosi senanayake
Pushpika de Silva
Marriage beauty queen
By Aruna
තමන්ට රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් ශ‍්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත එන්තරාවාසියක් යොමුකර තිබෙනවා.
මෑතක දී අවසන් වූ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරග ප්‍රතිඵලය වෙනස් කිරීමට තමන් බලපෑම් කළේ යැයි පැවසීමෙන් තම කීර්ති නාමයට හානි සිදුව ඇති බව රෝසි සේනානායක මහත්මිය එම එන්තරාවාසිය මගින් සඳහන් කර තිබේ.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙසද ඇය එමගින් පුෂ්පිකාද සිල්වා මහත්මියගෙන් ඉල්ලා තිබේ.
තම නීතිඥවරුන් මාර්ගයෙන් යවා ඇති එන්තරවාසිය මගින් ඇය දැනුම් දී ඇත්තේ නම් කරන ලද නියම කරන ලද දින කිහිපය ඇතුළත මෙම වන්දි මුදල ගෙවා සමාව නොගන්නේනම් අධිකරණය හමුවේ නඩු පවරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








