පුෂ්පිකා සියල්ලට පිළිතුරු දෙමින් අවසන් වරට තැබූ කඳුළු සටහන.. එයට බොහෝ ප්‍රතිචාර (PHOTOS)

sri lanka gossip Pushpika the silva
By Sithumi Jan 24, 2022 01:46 PM GMT
Sithumi

Sithumi

Report

පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වන චරිතයක්. ඒ ඇය ලාස් වේගාස් හි පැවති ලෝක රූ රැජින තේරීමේ තරඟයෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු බැවිනි.

එහිදී ඇය අවසන් 6 දෙනා අතරට තේරී පත් වූ අතර ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඇය සිවු වැනි ස්ථානයට තේරී පත් වූ බවයි. ඇයට සිවු වැනි ස්ථානය ලබා ගත්තා යැයි පැවසීමට එක්තරා කාන්තාවක් ඇයට පුරුදු පුහුණු කළ බව අපට විශ්ව පෙරේරා නම් නිරූපණ ශිල්පියා විසින් පළ කරන ලද හඬපටයක් ඔස්සේ ඇසීමට පුළුවන් වුණා. 

මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් ඇය සිව්වැනි ස්ථානය ලබා ගත්තා යැයි පැවසීම පිළිබඳව සමාජය අතර කතාබහක් ඇතිවුණා. බොහෝ පිරිස් ඇගේ එම ප්‍රකාශය විවේචනය කර ඇති අතර තරඟයේ නීති රීති වලට අනුව සිව්වැනි ස්ථානයක් මේතාක් නොතිබූ බවත් ඇගේ එම ප්‍රකාශය නිවැරදි කරගන්නා ලෙසත් එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් ඇයට පවසා සිටියා.

කෙසේ නමුත් මේ සියල්ලටම පිළිතුරු දෙමින් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමෙහි මෙවන් සටහනක් පළ කරලා තිබුණා. ‘මම පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස්හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සහභාගී වීමි ඒ තරඟය පුරාවට ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී, මෙය කියවන ඔබ කිසිවෙක් නො දන්නා, ඔබට සිතාගන්නටවත් නොහැකි තරම් බොහෝ හැල හැප්පීම්, සිත් රිදුම්, ගැටලු, පීඩාවන් රැසකට මුහුණ දෙමින් අවසාන හය දෙනා අතරට තේරී පත්වන්නට සුදුසුකම් ලැබුවෙමි.

අදටත් පුෂ්පිකා ද සිල්වා යනු, අතීතයේ සිටි යකඩ ගැහැණියම බව මම කියමි. යකඩයක් යනු තැලෙන දෙයක් මිස, කැඩෙන බිඳෙන දෙයක් නොවේ. නොයෙක් ආකාරයේ බාධා ඇතිකරමින් කිසිවෙක් මාගේ ඉදිරි ගමන වළක්වන්නට උත්සාහ කරනවා නම්, මෙය මට තවත් එක් තරගයක් පමණක් බව මම ඔවුන්ට කියන්නට කැමතියි. මෙවන් තරඟ මත මගේ මුළු ජීවිතයම මුලු අනාගතයම රඳා පවතින්නේ නැත.

මා මෙලොවට පැමිණ ඇත්තේ මීටත් වඩා බොහෝ දුර ගමනක් ‍යන්නට බව මම දනිමි. ඒ නිසා මෙය, මගේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් ලබා දුන් එක් පරිච්ඡේදයක් පමණි. ඒ සඳහා නොයෙක් අයුරින් සහභාගී වූ දායක වූ සියලු දෙනාට බොහොම ස්තුතියි

.අවසාන වශයෙන් මම 2021 අප්‍රේල් මස 6 වැනිදා කියූ දෙයම, අද නැවතත් නැවතත් සිහිපත් කරමි.සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුල උදුරාගන්නා ගැහැනියක් නොව, අනෙක් ගැහැනියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියකි ‘යනුවෙන් තමයි ඇය සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමෙහි සටහන් කර තිබෙන්නේ. ඉතින් ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සහ බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha