"..හතරවැනියා කියලා කියන්න..මගේ නම කියන්න එපා.." බුකිය කලඹවමින් එළියට ආ පුෂ්පිකාට දුන් පුහුණුවේ හඬ පටය ..(AUDIO)
ඇමරිකාවේ ලාස්වේගාස් හිදී පැවති ලෝක විවාහ රූ රැජිණ තරගාවලියට සහභාගිවූ .පුෂ්පිකා ද සිල්වා එහි, අවසන් තරගයේදී අවසාන සුරූපිනියන් හය දෙනා අතරට පිවිසෙන්නට ඇයට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත්, මෙම තරගය අවසානයේ 2021 ලෝක විවාහක රූ රැජිණ ලෙස, කිරුළු පැළැන්ඳේ අමරිකානු විවාහක රූ රැජිණයි. මේ සංසිද්ධියෙන් පසුව ලෝක විවාහක රූ රැජිණ පිළිබඳව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා ඇයගේ මුහුණු පොත හරහා සිංහල භාෂාවෙන් තබා තිබූ සටහනක් හේතුවෙන් තවත් කතා මවන්නට පටන් ගත්තා.
එහිදී පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ, මෙම තරගාවලියේ ඇය "සිව්වැනි ස්ථානයට" පත් වූ බවයි. ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය ද පුද කරමින් , රටට සහ ඇය එතැනට කැඳවාගෙන ගිය කණ්ඩායමට තුති පුදා තිබුණා.
කෙසේ වෙතත්, එයට ප්‍රතිචාර දක්වා තිබූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කමිටු මණ්ඩල සමාජීකාවක වන Libby Crawford පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තෙ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව දිනාගත් සුරූපිනියක් බවත් පවසා තිබුණා.
එහිදී ඇය වැඩිදුරටත් එම සටහන හරහා පුෂ්පිකාගෙන් ඉල්ලා තිබුණේ වහාම එම සටහන නිවැරදි කර එයට ප්‍රතිචාර දක්වන ලෙසටයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා එතරම් දැඩි අවධානයක් යොමු නොකර තිබූ පසුබිමක් මත ඇය නැවතත් පසු සටහනක් තබමින්, පෙන්වා දී තිබුණේ, "ඔබ සැබැවින්ම විවාහක නම්, ඉහත සටහනේ ඔබගේ සැමියාට ස්තුති කිරීමට අමතක කර තිබුණේ ඇයි?" ද යනුවෙන්.
මේ සමඟම පුෂ්පිකා ද සිල්වා ගේ මෙම ජාත්‍යන්තර තරගාවලි සහභාගීත්වයට වඩා මේ මුහුණූ පොතේ සටහන කෙරෙහි සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.
මේ අතරවාරයේ පුෂ්පිකා ද සිල්වාගේ එම සටහනට ඇය සමඟ අමරිකාවේ ලස්වේගස් වෙත ගිය, හිටපු ලෝක විවාහක රූ රැජිණක සහ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබාදෙන හඬපටයක්, සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.
පුෂ්පිකාට දුන් පුහුණුවේ හඬපටය පහතින්..
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |