ආරක්ෂක අංශ වලට රැවුල අනිවාර්යය කරයි. - නැත්නම් ලැබෙන දඬුවම මෙන්න. - නීති අලුත් වෙයි.
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඩුවම් ලබා දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
2021 වසරේ අමෙරිකන් හමුදාව එරටින් යෑමෙන් පසු තලෙයිබන්වරු යළි ඇෆ්ගනිස්‍ථානයේ බලය අත්පත් කර ගත් අතර බලය පිහිටුවා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ පිහිටුවා ඇති තලෙයිබාන් රජය ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නංවනු ලැබුවා.
ෂරියා නීතිය යටතේ පිරිමින් සියලු දෙනා රැවුල වැවිය යුතු බවයි සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය නියෝගකර ඇත.
තලෙයිබාන් සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය විසින් මෙසේ රැවුල නොවැඩීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති අතර පසුගිය වසරේ "අශීලාචාර ක්‍රියා" සම්බන්ධයෙන් 13,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථානයේ රඳවාගෙන ඇති බවයි වාර්තාකර සිටින්නේ.
කෙසේ වෙතත් පැය 24 කට පසු රැඳවියන්ගෙන් අඩක් පමණ නිදහස් කළ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
අමාත්‍යාංශයේ සැලසුම් සහ නීති සම්පාදන අධ්‍යක්ෂ මොහිබුලා මෝලිස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ නිලධාරීන් පසුගිය වසරේ සංගීත භාණ්ඩ 21,328ක් විනාශ කළ බවයි.
රැවුල නැති ආරක්ෂක අංශ සාමාජිකයන් 280 දෙනකු එයින් හඳුනාගෙන ඇති අතර, ඉස්ලාමීය නීතිය පිළිබඳ තලේබාන්වරුන්ගේ අර්ථ නිරූපණයට අනුව ඔවුන් සේවයෙන් පහ කළ බවයි ඔහු වැඩි දුරටත් පවා ඇත්තේ.