රටම කළඹපු පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනා 854කට වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වූ පූජිත් සහ හේමසිරි විනිසුරුවන් හමුවේ කළ පාපොච්චාරණය මෙන්න

Report

රටම කතා කරන පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන්, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුව මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (31) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ

ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණේ එල්ලවී තිබූ චෝදනා 855න් චෝදනා 854කටම වරදකරුවන් කරමිනි. මරණ දඬුවම ප්‍රකාශ කළ අවස්ථාවේ හේමසිරි ප්‍රනාන්දු මහතා අධිකරණයට පවසා ඇත්තේ

මෙම තීන්දුව පිළිබඳ සතුටුවන දෙදෙනෙක් සිටින අතර ඒ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වන බවයි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් සාපරාධී ලෙස වගකීම් පැහැර හරිමින් පුද්ගලයින් මරණයට පත්කිරීම සහ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව චෝදනා 855ක් යටතේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ඊයේ (31) කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර තිබේ

මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ.. මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක් - මරණ දඬුවමට කළින් කට ඇරපු පූජිත් හඬා වැටෙයි

මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ.. මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක් - මරණ දඬුවමට කළින් කට ඇරපු පූජිත් හඬා වැටෙයි

එහිදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් තීන්දුව පළමුව ප්‍රකාශයට පත් කරන ලදි එහිදී ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ එල්ලවී ඇති චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවයි

එම තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීමෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. එම කාලය තුළ රටේ පොලිස්පතිවරයා වූයේ මේ විත්තිකරු. 2019 වසරේ අප්‍රෙල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. නමුත් එය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වැළැක්වීම සඳහා රාජ්‍යය පත්කළ නිලධාරියා ලෙස තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා" 

ලෙසින් සඳහන් කරමින් විනිසුරු මඩුල්ල විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව ප්‍රකාශ කර තිබේ . සූළුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් සදහන් කරන ලදි .

පසුව, මරණ දඬුවම නියම වී සිටින විත්තිකරුට මරණීය දණ්ඩනය නිකුත් නොකිරීමට හේතු පැවසීමට අධිකරණය ඉඩ ලබා දුණි

" ස්වාමිනි, මම හිතලා කිසිම මිනී මැරීමක් කරලා නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මට වගකීමක් තියෙන බව මම පිළිගන්නවා. නමුත් ඒ සම්බන්ධ අනිත් සියලු අය මුදාහැරලා. හැම පැත්තකින්ම මම පුදුමාකාර පීඩනයක ඉන්නේ ස්වාමිනි. මේ සිද්ධියෙන් පස්සේ විවිධ නඩුවලින් මම අද වනතුරු පීඩා විඳිනවා. ඉතිං රටේ පොලිස්පතිවරයා ලෙස මට මෙවැනි තත්ත්වයක් ඇතිකිරීම කොතරම් මානුෂියදැයි සලකා බලන්න. මං දිහා කරුණාවෙන් අනුකම්පාවෙන් බලන්න ස්වාමිනි. හිතාමතා කිසිම දවසක කිසිවෙකුට අයුක්තියක් හිරිහැරයක් වෙන රාජකාරියක් කරලා නැහැ."

ඉන් පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට හේමසිරි ප්‍රනාන්දු මහතා වරදකරු කරන බවයි

බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත

"පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට විදේශීය බුද්ධි සේවයකින් එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා. ඔහු එම තොරතුරු විත්තිකරුට දැනුම් දී තිබුණා. 2019 අප්‍රෙල් මස 20 වනදා සවස 5.53ට පමණ සහ සහරාන් හශීම් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් ඉදිරි පැය 24 තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර අටක් එල්ල කිරීමට සූදානම් වන බවට නිලන්ත ජයවර්ධන වෙත තොරතුරු ලැබී තිබුණා.එම තොරතුර ද නිලන්ත ජයවර්ධන වහාම මේ විත්තිකරු වෙත ලබාදෙනු ලැබුවා. එම තොරතුර ලැබුණු පසු ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ "ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ කරගෙන යන්න"  කීම පමණයි.

ප්‍රහාරයට පෙර දින සවස ලබාදුන් තොරතුර විශ්වසනීය දැයි මේ විත්තිකරු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් විමසා තිබෙනවා.

"ඔව් සර් මේක විශ්වාස කරන්න පුළුවන් තොරතුරක්. ඒ අයගෙන් මීට පෙරත් මේ වගේ තොරතුරු ලැබිලා තිබෙනවා"

යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊට පිළිතුරු දෙමින් සඳහන් කළ බව සාක්ෂි වලින් අනාවරණය වුණා"

එවැනි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට විත්තිකරු ක්‍රියාකර නැති බවත් ඉන් ඔහුගේ රාජකාරීමය නොකර හැරීම මනාව ඔප්පු වන බවත් විනිසුරුවරුන් සඳහන් කර සිටියේය.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

ඉන් අනතුරුව විත්තිකරුට මෙම වැරදි සිදු කිරීම සඳහා මානසික චේතනාවක් තිබූ බවද බහුතර විනිසුරුවරුන් තම තීන්දුවේ සඳහන් කර සිටියේය.

"මෙම විත්තිකරු පාස්කු ප්‍රහාරයෙන් පසුව මාධ්‍යවලට ප්‍රකාශයක් කර තිබුණා. එහි ඔහු ප්‍රකාශ කර තිබුණා. ගහනවා කියලා තොරතුරු ලැබිල තිබුණා. ඒත් මෙහෙම ගහයි කියලා අපි හිතුවේ නෑ"

යනුවෙන්මෙම ප්‍රකාශය තුළින් මනාව පැහැදිලි වෙනවා

මේ විත්තිකරු පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් තොරතුරු දැනුවත්ව සිටි බවට. මෙම ක්‍රියාව තුළින් විත්තිකරුගේ අධික නොසැලකිලිමත් භාවය පමණක් නොව ඉන් ඔබ්බට ගිය තත්ත්වයක් නිරූපණය වෙනවා. නමුත් සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා කියා සිටියේ "

මේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී නැහැ. නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් සාධාරණ සැකයක් මතු වෙනවා." ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර විත්තිකරුට යමක් කීමට තිබේදැයි බහුතර විනිසුරුවරු විමසා සිටියේය

. ඒ අනුව සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඈත්තේ මෙවැන්නකි

" සභාපති විනිසුරුතුමා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි මම එකඟ වෙන්නේ නෑ. ස්වාමීනී... ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නෑ. මම කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ අනිත් අමාත්‍යාංශවල ලේකම්ලා වගේමයි. විශේෂ බලතල නෑ. අමාත්‍යවරයාගේ අනුදැනුම මතයි මම කටයුතු කරන්නේ. එවක ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශගතව සිටියා. එහි වැඩ බැලීමට ඇමතිවරයකු ඔහු පත් කළේ නෑ. ඇමතිවරයා නැති විටෙක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටයුතු අක්‍රිය වෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එවක ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළා. මා ආරක්ෂක ලේකම් ලෙස පත්වුණාට පස්සේ මම ජනාධිපතිගෙන් ඇහුවා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. එහිදී ජනාධිපතිවරයා පැවසුවා බුද්ධි තොරතුරු මට නිලන්ත ජයවර්ධන දැනුම් දෙනවා. ඔයා පරිපාලන වැඩ ටික කරගෙන ඉන්න කියලා. මම කළේ අමාත්‍යාංශයේ පරිපාලන රාජකාරි පමණයි. ඒ අනුව අවුරුදු හතරක කාල සීමාව තුළ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේ නිලන්ත ජයවර්ධන. ප්‍රහාරයට පෙර දා නිලන්ත ජයවර්ධන ගෙන් මට කිසිදු ලේඛනයක් ලැබුණේ තිබුණේ නෑ. whatsapp පණිවිඩ දෙකක් පමණයි ලැබුනේ. අප්‍රෙල් මස 9 වනදා බුද්ධි සමාලෝචන රැස්වීම තිබුණා. එහිදී නිලන්ත ජයවර්ධන මේ ප්‍රහාරය ගැන කිසිම තොරතුරක් රැස්වීමට ඉදිරිපත් කළේ නෑ. ඉදිරිපත් කළා නම් එතන යුද හමුදාව, නාවික හමුදාව වගේ ආයතනවල බුද්ධි ප්‍රධානීනුත් හිටියා. අප්‍රෙල් මස 16 වනදා කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන නිලන්ත මට ඡායාරූප එවලා තිබුණා. අපේ ටීම් එකක් නැගෙනහිරට ගිහිල්ලා පරීක්ෂණ කරනවා කියලත් ඔහු දැනුම් දුන්නා. මෙම තොරතුරු ලැබී තිබු අප්‍රෙල් මස 01 වනදා හා 16 වන දා අතර කාලසීමාව තුළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හිටියා.

නමුත් නිලන්ත ජයවර්ධන එම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දීමට හැකියාව තිබුණා. ඔහු ඒක හිතාමතාම සැඟෙව්වා. ඔහු මේ තොරතුරු හත් වතාවක් සැඟවීමට කටයුතු කළා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් මට එහි වගකීම දාන්නේ කොහොමද? ප්‍රහාරයට පෙර දින සවස නිලන්ත ජයවර්ධන මට කතා කරලා එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාර පිළිබඳ තොරතුරු දැනුම් දුන්නා. මං ඇහුවා විශ්වාසද කියලා. ඔහු පැවසුවා මේ ගැන අපි හොයාගෙන යනවා වාර්තා කරන්නම් කියලා. නිලන්ත ජයවර්ධන යටතේ රට පුරා බුද්ධි නිලධාරීන් 1500ක් පමණ සිටිනවා. ඔවුන් ලවා මේක ගැන පරීක්ෂා කරලා තහවුරු කරගන්න තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. ස්වාමීනි... මට හමුදාව කැඳවන්න බලය නෑ. ඇඳිරි නීතිය දාන්නවත් බලයක් තිබුණේ නෑ. සභාපති විනිසුරුතුමා මගේ තනතුරේ හිටියනම් ඔබතුමත් මේ ටිකම තමයි කරන්නේ.

ජීවිත 270ක් බිලි දෙමින් ලංකාව ලේ විලක් කළ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊයේ රටම කතා කළ තීන්දුවේ සම්පූර්ණ විස්තරය

ජීවිත 270ක් බිලි දෙමින් ලංකාව ලේ විලක් කළ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊයේ රටම කතා කළ තීන්දුවේ සම්පූර්ණ විස්තරය

" ස්වාමීනී. .. මේ ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරයා විනිසුරු විජිත් මළල්ගොඩ කමිටුව පත් කළා. මේ කමිටුව නිලධාරීන් 14 ක් ගැන චෝදනා කරලා තිබුණා. ජනාධිපතිවරයා නීතිපතිවරයාට කියලා තිබුණා අනිත් අයව අතෑරලා මටයි පොලිස්පතිටයි පමණක් පියවර ගන්න කියලා. ප්‍රහාරයෙන් පසුව අප්‍රෙල් මස 22 ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසුවා මේ ප්‍රහාරයට මමයි පොලිස්පතියි වගකිවයුතු බවට. උපරිම දඬුවම් දෙනවා කියලත් ජනාධිපතිවරයා කිව්වා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි මේ නඩු තීන්දුව. මේ නඩු තීන්දුව ගැන සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිලන්ත ජයවර්ධන. අනිත් කෙනා තමයි මෛත්‍රිපාල සිරිසේන. නීතිපති දෙපාර්තමේන්තුව මුල සිට නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළා. මේ ගැන සතුටු වෙන්න පුළුවන් ඕලෙවල් පාස් නැති මිනිහෙකුට විතරයි ස්වාමීනී. මම මෑතකදී සැත්කමක් කළා. එහි තුවාල හොඳ වෙලා නෑ. ස්වාමීනී... මම වයස අවුරුදු 76 ක තැනැත්තෙක්. මාව බන්ධනාගාරගත කළත් ලැබෙන්න ඕන ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද? එල්ලන්නත් මං ජීවත් වෙලා ඉන්න එපායැ. ඉතිහාසය කවදා හරි මාව නිදහස් කරයි. "

යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකරු තමන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉන් පසු බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා

" පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මෙම විත්තිකරු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ අනුව විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා 855න් චෝදනා 854 කට ඔහු වරදකරු කරනවා එම වරදේ බරපතළ භාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් බහුතර විනිසුරුවරු අවසානයේදී තීන්දු කළේය.

ඒ අනුව මරණ දණ්ඩනය නියමවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරු බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගර බස් රථයට නංවාගෙන වැලිකඩ බන්ධනාගරය වෙත රැගෙන ගියේය.