මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ.. මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක් - මරණ දඬුවමට කළින් කට ඇරපු පූජිත් හඬා වැටෙයි [VIDEO]
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ආකාරයට රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එසේ මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඊයේ(31) දින තීන්දුව දීමට පෙර දැනුම් දී තිබුණා.
එහිදී අධිකරණය ඇමතු විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර පවසා ඇත්තේ,
'"මං හිතලා කිසිම මිනිමැරුමක් කළේ නැහැ" යනුවෙන්.
ජීවිත 270ක් බිලි දෙමින් ලංකාව ලේ විලක් කළ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊයේ රටම කතා කළ තීන්දුවේ සම්පූර්ණ විස්තරය
එසේම ඔහු වැඩිදුරටත් අධිකරණය අමතමින් කියා සිටියේ,
"මං පොලිසියට බැඳුණු දිනයේ සිට උපරිමයෙන් පොලිසියට කටයුතු කළා. මෙම සිද්ධිය ආරම්භයේ පටන්ම විජිත් මලුල්ගොඩ කමිටුවේ සිටම මට අසාධාරණයක් වූ බව හැඟෙනවා. මං වැඩකළේ තවත් නිලධාරීන් සමූහයක් සමඟයි. මං වගේම වගකීම් තිබූ අනෙකුත් නිලධාරීන් මේ සිද්ධියෙන් මුදාහැර තියෙනවා. මගේ රැකියාව නැති කළේත් මගේ මූලික අයිතිවාසිකම් කඩ වන ආකාරයට මං පුදුම විධියට පීඩාවට පත්ව සිටිනවා. සිද්ධිය දිනයේ සිටම මේ දක්වා පැවරුණු මූලික අයිතිවාසිකම් නඩු හා සිවිල් නඩු නිසා මං දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. මගේ දරු දෙදෙනා සහ බිරිඳ පත්ව ඇති අසරණ භාවය පිළිබඳ අනුකම්පාවෙන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා. මං පොලිසියට බැඳුණු දවසේ ඉඳලා කිසිම දවසක කාටවත්ම අහිතක් අසාධාරණයක් වන අන්දමින් කටයුතු කරලා නැහැ. මං අදහන ආගමට අනුව මට මේ පල දෙන්නේ පෙර කරපු කරුමයක්. මං දැඩි අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ. මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වාම මා හට ඇති පීඩනය ආදී සියලු දේ මට දඬුවම් නියම කිරීමේදී සලකා බලන්න. රටේ පොලිස්පති වශයෙන් මට විතරක් මේ විදියට කටයුතු කරන එක කොතරම් සාධාරණද? කියලා සලකා බලන්න කියලා ඉතාම යටහත් පහත්ව මා ඉල්ලා සිටිනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි’ යනුවෙන්.
එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,