රාජ්‍ය සේවකයන්ට සතියට දින 03ක් නිවාඩු දීමට තීරණය කළ හැටි මෙන්න.

Public service World news Eksath Arabi emir
By Aruna Dec 10, 2021 02:13 AM GMT
Aruna

Aruna

Report

වැඩ කරන සතියේ දින ගණන 04 කට අඩු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා පරිපාලනය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් වැඩ කරන දින ගණන 04 හමාරකට අඩු කිරීමට පසුගිය අගහරුවාදා දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කළා.

ඒ අනුව සිකුරාදා වරුවක් සහ සෙනසුරාදා හා ඉරිදා සති අන්තය ලෙස සැළකුණා.

නමුත් එහි තවත් පියවරක් ඉදිරියට යමින් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින 03 ම නිවාඩු දින ලෙස සැළකීමට ශාජා පරිපාලනය තීරණය කර තිබෙනවා.

ලබන ජනවාරි පළමුවනදා සිට බලාත්මක මෙම නව සංශෝධනය රාජ්‍ය කාර්යාලවල සේවකයන්ට පමණක් අදාළ වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now