කුපිත වු ජනතාව පාරට බසී - හයිලෙවල් ඇරෙද්දී බේස්ලයින් වැසෙයි..!
ගෑස් ඉල්ලා සිදුකළ විරෝධතාවක් නිසා, නාවින්න ප්‍රදේශයෙන් අවහිර වූ හයිලෙවල් මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
මහරගම නාවින්න ප්‍රදේශයේ විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
වාර්තාකරුවන් සඳහන් කළේ ගෑස් ඉල්ලා හයිලෙවල් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවයි. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය නාවින්න මංසන්ධියෙන් සහ විජේරාම හංදියෙන් වසා දැමුවා.
මේ අතර ගෑස් ඉල්ලා සිදු කරන තවත් විරෝධතාවක් නිසා, බේස්ලයින් පාර දෙමටගොඩින් මේ වන විට අවහිර වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
..........................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |