විරෝධතාවයක් උණුසුම් වෙයි.. ගල් මුල් ප්‍රහාර.. (VIDEO)
රජයට පක්ෂ සහ විපක්ෂ උද්ඝෝෂණ හේතුවෙන් අද (11) දහවල් හලාවත නගරය උණුසුම් වුණි. රජයට විරෝධය පළකරමින් නිර්පාක්ෂික කණ්ඩායමක් මුලින්ම හලාවත නගර මධ්‍යයේ විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කර තිබුණි.
එම ස්ථානයට පැමිණි හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා කියා සිටියේ මහ ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට විරෝධතාවය පවත්වන ලෙසය. මේ අතර, රජයට සහාය පළකරමින් තවත් කණ්ඩායමක් හලාවත නගරයට පැමිණීමත් සමග තත්ත්වය උණුසුම් වී ගියේය. රජයට පක්ෂ කණ්ඩායමේ ගමන්කළ පිරිසට විරුද්ධ කණ්ඩායම විසින් ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කරන ලදි. ඒ අතරතුර රජයේ දේශපාලකයින්ට අයත් බවට සැක කරන වාහන කීපයක්ද නගරය මැදින් ගමන් කරන්නට විය
. එම වාහනවලටද විරෝධී කණ්ඩයම විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරන ලදි. අනතුරුව රජයට පක්ෂ කණ්ඩායම පොලිස් ආරක්ෂාව මැද නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. අවස්ථා කීපයකදීම රජයට විරෝධය පළකරන කණ්ඩයම පොලිස් බාධක බිඳ ගෙන ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ ආකාරයක්ද දක්නට ලැබුණි.
එම පිරිස පාලනය කිරීම සදහා කැරළි මර්ධන ඒකකය ඇතුළු අමතර කණ්ඩායම්ද හලාවත නගරයට කැදවා තිබුණි. මේ අතර, කතෝලික පියතුමන්ලා විශාල පිරිසක්ද රජයට විරෝධය පළ කරමින් පෙරහැරකින් හලාවත නගරය කරා පැමිණියේය. ඒ වන විට රජයට විරෝධය පළකරමින් සිටි පිරිසද කතෝලික පියතුමන්ලා ගමන් කළ පෙරහැරට එකතු විය. අනතුරුව ඔවුන් සියළුම දෙනා හලාවත නගර මධ්‍යයේ පිහිටි නගර ආරක්ෂක දේව මාතා ප්‍රතිමාව ඉදිරිපිට ආගමික මෙහෙයක් පවත්වන ලදි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |