බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙසක්..

Sri Lanka
By krishani Apr 14, 2023 09:42 AM GMT
krishani

krishani

Report

බෝ නොවන රෝග තත්ත්වයන්ගෙන් හැකි තාක් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෛනිකව මිනිස් ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වන බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා සිටියේ ය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශරීරයට පිළිවෙලකට දෛනිකව ව්‍යායාම සිදු කර අනවශ්‍ය කැලරි දහනය කිරීමට අවශ්‍ය බව ය.

ඒ අනුව වැඩිහිටියෙක් නම් දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම සිදු කිරීම කළ යුතු ය.

විශේෂයෙන්ම උත්සව සමයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join