හවස 4.30ට පටන් ගත්ත වැඩවර්ජනයට මොකද වුණේ?. හෙට දුම්රිය වැඩ නැද්ද?. වහාම රෑ 12න් පස්සෙ වෙන දෙය මෙන්න..

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බවයි.

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..


ඒ හෙට (31) යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

මේ අතර, අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වුණා.

ඒ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

දෙනෝදාහක් ගැවසෙන පානදුරේ.. ගොඩනැගිලි 5ක් එකපාරට කඩා වැටිලා.. අනේ අම්මපා.. හීන් දාඩියත් දැම්මා..

දෙනෝදාහක් ගැවසෙන පානදුරේ.. ගොඩනැගිලි 5ක් එකපාරට කඩා වැටිලා.. අනේ අම්මපා.. හීන් දාඩියත් දැම්මා..


ඒ අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ය.

මෙම තීරණය ගනු ලැබුවේ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් ය.