රට නැවත විවෘත කළ පසු අත්‍යවශ්‍යම ක්‍රමවේදයක් ගැන පැහැදිලි කිරීමක්.! (VIDEO)
නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව පොදු ප්‍රවාහන සේවා තුළින් නැවතත් කොවිඩ් ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බව මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
අද (28) දහවල් වැඩසටහනක් සමඟ එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, රට නැවත විවෘත කිරීමේ දී බස්වලට හා දුම්රියට ඇතුළත් කර ගත හැකි මගීන් ප්‍රමාණය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකළ යුතු බවය.
සංචරණ සීමා පැනවීම හා එන්නත්කරණය වෛද්‍යවරුන්ට විශාල සහනයක් වූ බව ද පැවසු ඒ මහතා මේ කාලය තුළ වාහන වැඩි වශයෙන් මාර්ගයේ තිබුණ ද රෝගීන්ගේ වැඩිවීමක් දක්නට නොලැබුණු බව ද පැවසීය.
"අපිට නැවත මෙවැනි ලොක්ඩවුන් එකකට යන්න පුළුවන් ද කියන එක ප්‍රායෝගිකව බැලුවත් කරන්න අමාරුයි කියන එක තමයි පේන්නේ. මෙතන දී එකදෙයක් වැදගත්. මිනිස්සු ෆේස්බුක්වලත් දැම්මා. ඇත්ත වශයෙන්ම ලොක්ඩවුන් එකක් තිබුණට වාහන ගොඩක් තියෙනවා පාරේ. ඒක තමයි යථාර්ථය. හැබැයි රෝගීන් ප්‍රමාණය අඩුවුණා. මරණ සංඛ්‍යාව අඩුවුණා. විද්‍යාත්මකව ඒක දිහා බැලුවොත් පෞද්ගලික වාහන තමයි පාරේ තියෙන්නේ.
ඒ කියන්නේ බස් නෑ. කෝච්චි නෑ. අපිට පේනන තියෙන දෙයක් තමයි බස් හා කෝච්චිවලින් තමයි මේක බෝවෙන්න ප්‍රවණතාවය වැඩියි කියලා. අනිවාර්යෙන්ම ගන්න පුළුවන් උපකල්පනයක්. රට නැවත විවෘත කරන කොට බස් හා කෝච්චි පිරෙන්නේ නැතිවෙන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි කොච්චර නීති දැම්මත් අපි දන්නවා අපිට තියෙන බස් හා කෝච්චි ප්‍රමාණය. කවුරු හරි මැරුණත් නඟිනවා කියන මානසිකත්වයෙන් තමයි යන්නේ.
කෝච්චිවල බස්වල ගිය අය දන්නවා. අනිවාර්යනේම රට විවෘත කරද්දි බස් එකක ඉන්න ප්‍රමාණය 50%ක් නම් 25% තමයි නංවන්න ඕනේ. වාහන පාරේ තියෙන පළියට රෝගීන් ප්‍රමාණය වැඩිවුණේ නෑ. සමහර දවසට මිනිස්සු අහනවා නේ මේක ලොක්ඩවුන් එකක් ද කියලා. හැබැයි ඒකත් සාර්ථක වෙලා තියෙනවා."
කොවිඩ්වලින් ජයග්‍රහණය කළ රටක් මෙතෙක් බිහි වී නොමැති බවත් සඳහන් කර සිටි ඒ මහතා, විද්‍යා මත පදනම්ව කටයුතු කළ යුතු බවත් එන්නත්කරණය මෙයට ඇති සාර්ථක විසඳුම බව ද පැවසීය. එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දී, එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ප්‍රේක්ෂකයින්ගෙන් සියයට 25කට තරඟය නැරඹීමට අවස්ථාව ලබාදීමට ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කතා කරමින් සිටින බව ද මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |