එන්නත ගන්න ගිහින් වුණ දේ
corona virus
covid 19
vaccsination
By Sithumi
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට අද (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට එන්නත් ලබානොදීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.
එම පිරිස පාලනය කිරීම සඳහා රෝහල් පාලන අධිකාරිය විසින් හැටන් පොලිස් නිලධාරින් කැඳවීමට පවා කටයුතු කර තිබුණා.
අද (26) දින උදෑසන සිට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් 300 දෙනෙකුට එන්නත් ලබාදීමෙන් අනතුරුව පෝලිමේ උදෑසන සිට රැඳී සිටි පිරිසට එන්නත් නොමැති බව පැවසීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි තත්ත්වයක් හටගත්තා.
අනතුරුව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී එනනත් ලබාදෙනවාද යන්න තහවුරු කරගෙන වෙනත් දිනයක රෝහලට පැමිණෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


