විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් විශාල ගැටළුවක්

By Sewvandhi Sep 30, 2021 11:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙම වසරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අවසන් ලැයිස්තුව 2020 නොවැම්බර් 01 වන දින වන විට නිකුත් කළ යුතුව තිබුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි ආකාර්යක්ෂමතාවය නිසා මේ වසරේ වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලද්දේ 2021.07.30 දිනය එම නිසා 2021 ජනවාරි 01 වන දින ස්ථාන මාරුවීම් ලැබිය යුතුව තිබු විශේෂඥ වෛද්‍යවරුන් එසේ ස්ථාන මාරු වීම් මාස 09 ක් ප්‍රමාද වී තිබෙනවා.

2021 වාර්ෂික ස්ථාන මාරු නියෝගය අනුව විශේෂඥ වෛද්‍යවරුන් 726 ක් රෝහල් සඳහා ස්ථාන මාරු වී යා යුතු අතර වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් 748 ක් මෙම මාරුවීම් පටිපාටිය සුමට කිරීම සඳහා අනුයුක්ත කළ යුතුව ඇත. එහෙත් සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග රටේ රෝහල් වල ප්‍රධානීන් නොපිළිගන්නා තත්ත්වයක් ඇති වී ඇති අතර මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නැත.

ඊට අමතරව එසේ ස්ථාන මාරු ලැබුණු විශේෂඥ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත වාර්තා කර ඇත්දැයි දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු වැඩ පිළිවෙලක් මේ වනතුරු සකස් කර නොමැති බව සඳහන්. ඒ හේතුවෙන් මේ වන විට දුෂ්කර ප්‍රදේශ වල පවතින රෝහල් වල සේවා සැපයීම අඩාල වී තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now