සියලුම පෞද්ගලික අංශයේ සේවකයින් ගෙන් විශේෂ ඉල්ලීමක්...

Sri Lanka
By Aruna Jun 19, 2022 01:24 AM GMT
Aruna

Aruna

Report

පවතින ඉන්ධන අර්බුදය හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස කම්කරු අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගන්නා තීරණ සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයට කිසිසේත්ම බලපාන්නේ නැති බව අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවතින තත්ත්වය සමනය වනතුරු රජයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ආයතනික කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙස රජය පෞද්ගලික අංශයෙන් මෙලෙස ඉල්ලීමක් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now