පෞද්ගලික අංශවල සේවකයින් සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න..

Sri Lanka Parliament Private server
By Aruna Oct 12, 2021 05:31 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අදාළ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යි මෙම සංශෝදනය තුළින් බලාපොරොත්තු වන්නේ.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට 2021.03.23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව සකස් කරන ලද මුලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේ දී තවදුරටත් සාකච්ඡා කර තිබේ.

එම කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.  

මේ අතර ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now