පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සයි..වහාම ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක්-Update (VIDEO)(PHOTOS)

Airport Sri Lanka Kibulapitiya Airplane land
By Aruna Dec 27, 2021 09:25 AM GMT
Aruna

Aruna

Report

මගී ප්‍රවාහන සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට යාමේදී සිදු වූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගතකර තිබේ.

මීට ටික වේලාවකට පෙර යානයේ ඇති වූ කාර්මික දෝෂයන් හේතුවෙන් එය කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්සීමට නියමුවා පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය.

එහිදී සිදුවූ අනතුරින් නියමුවා සහ නියමුවරිය මෙන්ම කාන්තාවක්ද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery