පෞද්ගලික රෝහල්වලට සාධාරණ මිල ගණන් සහ දැඩි නීති රීති පනවන්න යෝජනාවක්

Report

මෙරට පෞද්ගලික රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවලට සාධාරණ හා දැරිය හැකි ගාස්තු ව්‍යුහයක්, ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇතුළු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.

එම වාර්තාවට අනුව, සියලුම ලියාපදිංචි පෞද්ගලික රෝහල් හා සායන සඳහා ප්‍රමිතීන් සකස් කිරීම, නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති කළ යුතුය.

කාර්ය මණ්ඩල බඳවා ගැනීමේදී අවම සුදුසුකම් සහතික කිරීම, නිසි පුහුණු ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ ගුණාත්මක රෝගී සත්කාර සහතික කිරීමේ අවශ්‍යතාවය ද එහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත.

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

බලධාරීන් මෙම ප්‍රමිතීන් නීතිගත කර බලාත්මක කළ යුතු බවත්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බඳවා ගැනීමේදී ජාතික බඳවා ගැනීමේ නිර්ණායක අනුගමනය කරන බවට වගබලා ගත යුතු බවත් විගණනය යෝජනා කරයි.

එසේම, පෞද්ගලික රෝහල්වලට එරෙහි මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විධිමත් පද්ධතියක් පිහිටුවීමත්, දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සහ ජනතාවට කාලෝචිත සහන ලැබෙන බව සහතික කිරීමට මාර්ගගත වේදිකාවක් සකස් කිරීමත් යෝජනා වී තිබේ.

මෙම යෝජනා හරහා ජනතාවට ගුණාත්මක සහ දැරිය හැකි සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු වනු ඇතැයි විශේෂඥයන් විශ්වාස කරති. 

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

හිතපු හැමදේම ඉටුවෙන රැකියාව සුබ වෙන අද දවසේ මේ ලග්නවල සතුට උතුරයි

හිතපු හැමදේම ඉටුවෙන රැකියාව සුබ වෙන අද දවසේ මේ ලග්නවල සතුට උතුරයි