දින ගණනක් මහ මුහුදේ නිරාහාරව සිට 99 න් දිවි බේරාගත් ඉන්දුනීසියානු ධීවරයා
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට මුහුදු සැතපුම් 450ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ එන්ජිම අක්‍රීය වී කුඩා ධීවර යාත්‍රාවක පාවෙමින් අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයකු බේරා ගැනීමට ඊයේ (12)පස්වරුවේදී හැකියාව ලැබුණි .
එම ඉන්දුනීසියානු ධීවරයා බේරාගැනීමට අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර රැකියාවට ගිය රෙශිත පුතා 07 බහු දින යාතාවේ සිටි ධීවරයන් පිරිස සමත් විය.
එ අනුව එන්ජිම අක්‍රීයව මහ මුහුදේ අතරමංව කුඩා බෝට්ටුවක පාවෙවී සිටි මේ ඉන්දුනීසියානු ජාතික ධීවරයා අම්බලන්ගොඩ ධීවරයින් විසින් බේරාගෙන ඇත්තේ මීට දින පහකට පමණ උඩදී බව ඔහු බේරාගත් බව රෙශිත පුතා 07 බහු දින ධීවර යාතාවේ ධීවරයෝ සදහන් කර තිබේ.
ඔවුන් සදහන් කළේ තමන් මේ ඉන්දුනීසියානු ධීවරයා බේරාගන්නා අවස්ථාවේදී ඔහු නිරහාරව අර්ධ සිහිසුන් මට්ටමේ සිටිය බවත් ඔහු මෙසේ තවත් සිටියේනම් නිරහාරම මිය යෑමට ඉඩ තිබූ බවයි .
බේරාගත් ඉන්දුනීසියානු ධීවරයා වහාම මහත් ආයාසයක් දරා කඹ ආධාරයෙන් සිය යාත්‍රාවට නංවාගත් බවයි ඔවුන් ප්‍රකාශ කරයි.
ඉන් පසුව ඔහුට මුලින්ම ග්ලූකෝස් මිශ්‍ර ජලය ටිකෙන් ටික පානය කිරීමට දී දියර ආහාර පමණක් දෙමින් ඔහුගේ තත්ත්වය යහපත් අතට පෙරලුණු පසු ඝන ආහාරදී මේ ඉන්දුනීසියානු ජාතික ධීවරයාගේ දිවි බේරාගත් වග අම්බලන්ගොඩ ධීවරයෝ තව දුරටත් සදහන් කර තිබේ.