බලශක්ති අමාත්‍යවරයාට බරපතළ චෝදනා - විශ්වාසභංග යෝජනාව ලබන සතියේ
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 18දා කතානායකට භාරදෙන බව මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසන්නේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 18 වැනිදා කතානායකවරයා වෙත භාරදෙන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම යෝජනාව ගෙන එන බවත්, එය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීමට කටයුතු කරන බවත්ය.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් ඇතුළත් බවත්, අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය තුළ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන බෙදීම් සමඟ පාර්ලිමේන්තුවේදී තීව්ර සංවාදයක් ඇතිවිය හැකි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.