ලෝකෙම බලන් ඉද්දි ලංකාවේ තිබ්බ ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු අද ගුවනින් මව්රටට
ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මුහුදුබත් වූ අයිරිස් ඩෙනා නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගෙන් 45 දෙනෙකුගේ මළ සිරුරු අද දින එරටට යැවීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ගාල්ල ජාතික රෝහලේ අධි ශීතාගාර දෙකක තැන්පත් කර තිබූ සිරුරු 45 ක් මේ වනවිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
එසේම ජීවිතක්ෂයට පත්වූ අනෙක් ඉරාන නාවිකයින්ගේ සිරුරු ද එරටට රැගෙන යාමට නියමිතව ඇති බව සඳහන්.
අඳාළ මළසිරුරු ඉරාන තානාපති කාර්යාලයට භාර දෙන මෙන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ කරන ලද නියෝගයක් අනුව ඒවා අද දින ගුවනින් මෙසේ රැගෙන යනු ලබයි.
කෙසේ වෙතත් අයිරිස් ඩෙනා නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 19 ක් පමණ දුරකින් යුත් ජාත්‍යන්තර මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වුණේ ඉකුත් 4 වන දිනයි.