හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අල්ලස් කොමිසමෙන් දැනුම් දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇපමත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම මඟින් අද (13) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙන බවයි.
එසේම එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බව සඳහන්.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල නැවත ජුලි මස 10 වන දින කැඳවන මෙන් නියම කර ඇත.
රජය තෙල් වැඩි කරලා මෙච්චර අපරාධයක් කරනකන් විපක්ෂ නායක උන්දෑ සබ්මැරීන් ගණන් කර කර ඉන්නවා - විමල් වීරවංශ
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් පසුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ සඳහා රුපියල් 88,50000 ක වන්දි ලබාගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම මඟින් අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.