වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

Report

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 600,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියට අනුව, ජනවාරි 1 වන දින සිට මාර්තු 11 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 623,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

මෙම සංචාරකයින් අතරින් වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 115,772 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

තවද, මාර්තු මාසයේ පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. 

මුතුරාජවෙල රැකගැනීමට දැඩි පියවර- අනවසර ගොඩකිරීම්වලට තද නීති

මුතුරාජවෙල රැකගැනීමට දැඩි පියවර- අනවසර ගොඩකිරීම්වලට තද නීති

සහරා කාන්තාරයට දශකයකට පසු හිම වැටේ

සහරා කාන්තාරයට දශකයකට පසු හිම වැටේ