අමෙරිකාව තෙල් බැරල් මිලියන 172ක් මුදාහරියි

Report

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් දාමයට එල්ල වූ බලපෑම් නිසා තෙල් මිල ඉහළ යාම අඩු කිරීමේ අරමුණින්, අමෙරිකාව තම උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් තෙල් බැරල් මිලියන 172ක් මුදා හරින බව අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් මහතා ප්‍රකාශ කර තිබේ.

ලේකම් රයිට් මහතා සඳහන් කළේ, මෙම තෙල් ප්‍රමාණය මුදාහැරීම අන්තර්ජාතික බලශක්ති ඒජන්සියට අයත් රටවල් 32ක් එකඟ වූ තෙල් බැරල් මිලියන 400ක පුළුල් වැඩසටහනේ කොටසක් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අල්ලස් කොමිසමෙන් දැනුම් දෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අල්ලස් කොමිසමෙන් දැනුම් දෙයි

මෙම තෙල් බෙදාහැරීම ලබන සතියේ ආරම්භ වන අතර, එය සම්පූර්ණ කිරීමට දින 120ක් පමණ ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පියවර මගින් ගෝලීය තෙල් වෙළඳපොළේ ස්ථාවරත්වය රැකගැනීමටත්, ඉහළ ගොස් ඇති තෙල් මිල යම් මට්ටමකට පහත ගෙන ඒමටත් බලාපොරොත්තු වන බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණේ දැවැන්ත භූගත ජල මූලාශ්‍රයක් හමුවෙයි

දකුණේ දැවැන්ත භූගත ජල මූලාශ්‍රයක් හමුවෙයි

බස්වල යන අයට සුබ ආරංචියක් - ආයේ බස් එකක් එනකල් හෝල්ට් එකේ කරවෙන්න ඕනේ නෑ - අලුත් ක්‍රමයක්

බස්වල යන අයට සුබ ආරංචියක් - ආයේ බස් එකක් එනකල් හෝල්ට් එකේ කරවෙන්න ඕනේ නෑ - අලුත් ක්‍රමයක්