බහුදින යාත්‍රා ජාවාරමේ තොරතුරු හෙළි වෙයි

Report

මෙරටට දකුණු දිශාවේ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවකින් හමුවූ නවීන ගිනි අවි 11ක් සහ රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් “අයිස්” සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සිටින ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර විසින් මෙරටට එවා ඇති බවට පොලිසිය සැක පළ කරයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ප්‍රවාහනය සම්බන්ධ කටයුතු මෙහෙයවා ඇත්තේ අත්අඩංගුවට ගත් “හංසන” නමැති බහුදින ධීවර යාත්‍රාවේ 23 හැවිරිදි ස්කීපර්වරයා බවයි.

එම කටයුතු සඳහා ඔහුට පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර විසින් මුදල් ලබා දී ඇති බවද පොලිසිය පවසයි. අදාළ ධීවර යාත්‍රා දෙකෙන් සොයාගනු ලැබූ ගිනි අවි අතර පිස්තෝල 8ක්, එම්–16 වර්ගයේ ගිනි අවියක් සහ ටී–56 වර්ගයේ ගිනි අවි දෙකක් ඇතුළත් වේ.

පසුගිය 8 වැනිදා නාවික හමුදාව විසින් සැකකරුවන් 5 දෙනෙකු සමග මෙම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් ද සොයාගෙන ඇත. පසුව එම යාත්‍රාවට ආධාර ලබා දුන් බවට චෝදනා මත තවත් බහුදින ධීවර යාත්‍රාවක්ද සැකකරුවන් 5 දෙනෙකු සමග නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.

මෙම ධීවර යාත්‍රා දෙක ඊයේ දිනයේදී දික්ඕවිට වරාය වෙත රැගෙන ආ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

ඕලන්ද සමයට අයත් ලේඛන ඩිජිටල් කිරීමට නෙදර්ලන්තයේ සහාය

ඕලන්ද සමයට අයත් ලේඛන ඩිජිටල් කිරීමට නෙදර්ලන්තයේ සහාය

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

ඉරානයේ නව නායකයා කෝමා වෙලාද? මොජ්තාබා කමේනිගේ පළමු නිල ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ඉරානයේ නව නායකයා කෝමා වෙලාද? මොජ්තාබා කමේනිගේ පළමු නිල ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්