PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කළ යුතු ගාස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු බොහෝ පුද්ගලික රෝහල් වල එම පරීක්ෂණ සිදු කිරීම අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා. ගැසට් කළ මිළ ගණන් වලට අදාල පරීක්ෂණ සිදු කළ නොහැකි බැවින් එම පරීක්ෂණ සිදු කිරීම රෝහල් බොහෝමයක නවත්වා තිබෙන බව බවයි ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම,පෞද්ගලික රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට යාමේ දී සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා නිලධාරියෙකු පත් කර තිබෙනවා.
පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආනන්ද කුරුප්පුආරච්චි මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්
මේ අතර, ඊයේ දිනයේ තහවුරු කළ මරණ 216 සමඟ මේ වනවිට කොවිඩ් නිසා සිඳුවූ මරණ සංඛ්‍යාව 9,000 සීමාවට ළඟා වී තිබෙනවා. ඒ අනූව වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙම මියගිය පිරිස අතරින් 85%ක් ම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයෙන් පසුවූ නිදන්ගත රෝග වලින් පෙලෙන්නන් බවයි. සිදුකළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ පැවසුවේ.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 9000සේ සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ, තවත් මරණ 216ක් ඊයේ වාර්තා වීමත් සමඟයි. එය මෙරටින් මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ තහවුරු කර කරන ලද මරණ 216 සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 8,991 දක්වායි. මියගිය අයගෙන් 170 දෙනෙකුම අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 41 දෙනෙකු අවුරුදු 30ත්, 59ත් අතර වයස්වල පසුවන්නන්.
අවුරුදු 30ට අඩු 5 දෙනෙකු ද මෙම පිරිස අතර වනවා. එමෙන්ම ඊයේ දිනයේ නව ආසාදිතයන් 4,562 කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හාරලක්ෂ 36,081 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයන් සියලුදෙනා අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන්. ඒ අනුව තවදුරටත් රෝගීන් 55,098 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 371,992 ක්.
එමෙන්ම,කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම පාර්ශවයන්ට මාර්ගෝපදේශනයක් නිකුත් කර නොමැති වීමෙන් අනවශ්‍ය ඖෂධ රෝගීන්ගේ අතට පත්වීමේ ප්‍රවනතාවක් මතු වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අනුරුද්ධ රණවක සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ කොවිඩ් නියුමෝනියාව වැළදෙන රෝගීන්ට ලබාදෙන ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ඉතා ඉහළ මිලකට මේ වන විට අලෙවි වෙමින් පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |