පුද්ගලික රෝහල් අසාදිත නැති අය positive කියා මුදල් ගැරිල්ලක – ලක්‍ෂ 03 බැගින් පැකේජ විකුණයි
කොරෝනා ආසාදිත නොවූවන් ආසාදිත ලෙස සදහන් කරමින් මෙරට පුද්ගලික රෝහල් විසින් මුදල් උපයන ජාවාරමක් සිදු කරමින් ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කියා සිටියි.
මෙරට පෞද්ගලික රෝහල් වල PCR පරීක්ෂණ සහ නිරෝධායනය මූලික කරගෙන මෙම ජාවාරම සිදු වන බව සංගමය කැදවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
එසේ ආසාදිත යයි කියන පුද්ගලයන් රෝහල විසින් ප්‍රතිකාර ලබා ගත හැකි බව පවසමින් එක් අයෙකු වෙත රුපියල් ලක්ෂ තුනක පැකේජයක් යෝජනා කරන බව ද ඔහු පැවසීය. මෑතක දී එවන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව කාන්තාවක් අවස්ථා දෙකක දී නැවත PCR පරීක්ෂණ කිරීමේ දී ආසාදිත නොවන බව හෙළිවී ඇතැයි ද ඔහු සදහන් කලේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිසි ලෙස කටයුතු නොකිරීමේ හේතුව මත මෙම තත්වය උද්ගත වී ඇතැයි ද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |