පෞද්ගලික දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් තීරණය.

Sri Lanka Internet Information department Private data
By Aruna Nov 16, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම පනත කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩල වෙත යොමුකර තිබේ.

රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේ දී එම දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම සඳහා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත සකස් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha