පෞද්ගලික බස් රථ වර්ජනයක්...?
homagama
private bus
pettah
gamunu vijerathna
university student picket
By Sewvandhi
මාර්ග අංක 138, හෝමාගම - පිටකොටුව සහ 174, කොට්ටාව - බොරැල්ල පෞද්ගලික බස් රථ, ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.
සංචරණ සීමා පනවා තිබූ කාලයේ බස් රථ ධාවනය නොකිරීම නිසා බස් රථ හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
මේ අතර රාජගිරිය ආයුර්වේද මංසන්ධියේ සිට කොටා පාර හරහා බොරැල්ල දක්වා වූ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙනි.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
