වෙසක් නිමිත්තෙන් රැඳවියන්ට ලැබෙන විශේෂ අවස්ථාව..

Vesak Full Moon Poya Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By krishani May 05, 2023 02:29 AM GMT
krishani

krishani

Report

වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, මැයි 5 සහ 6 යන දෙදින තුළ සිරකරුවන් සඳහා එම අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ අනුව සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එනු ලබන ආහාර පාර්සලයක් හා රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට කටයුතු කළ යුතු ය.

මේ අතර, බන්ධනාගාර නිතී රීතිවලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන පහසුකම් සලසා ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join