කෝටියකට අධික දේපල විනාශ කරමින් සිදු කළ උද්ඝෝෂණය (VIDEO)
prison
strike
property
Walkada
By Sewvandhi
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දී රැඳවියන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් එහි ගොඩනැගිලිවලට දැඩි අලාභ හානි සිදුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
බන්ධනාගාරයේ චැපල් අංශයේ වහළ මත නැග එම උද්ඝෝෂණය සිදුකර තිබුණි. ඒ සඳහා රැඳවියන් 54 දෙනෙක් පමණ එකතු වී තිබූ අතර ඊයේ රාත්‍රියේ ඔවුන්ව බිමට බස්සවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ට හැකිවිය.
එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් සිදුව තිබූ හානිය රුපියල් කෝටියක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවය. උද්ඝෝෂණයට එක්වූ රැඳවියන් ව බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |