අර නිලධාරියා හින්දා තමා මේ ලොකු ව්‍යසනේ බේරුණේ ඌ ජාතික වීරයෙක් සර් ඌ නැතුව උන් 1500ක් විතර එළියට ආවා නම් මුළු නිලධාරීන් ටිකම ඉවරයි - විලාප මැද නිලධාරීන් හැඬූ කඳුලින් කියපු කතාව [VIDEO] [PHOTOS]
රටම කම්පා කරමින් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) දින පෙරවරුවේ රථ පෙරහැරකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබුණේ හද කම්පිත කරවන විලාප රැසක් මැදයි.
එහිදී නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද සහභාගි වී සිටි අතර එහිදී ඔහු මියගිය තම මිතුරු නිලධාරීන්ගේ වියෝව නිසා වේදනාවෙන් සිටින නිලධාරීන් සමඟ කතාබහ කර තිබුණේ ඔවුන්ව අස්වසමින්.
එම අවස්ථාවේදී අධිකරණ ඇමතිවරයාට ඇතැම් නිලධාරීන් හැඬූ කඳුලින් කියා සිටියේ මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිරෙන අසත්‍ය පුවත්වලින් තම දිවි නොතකා සටන් කළ නිලධාරීන්ව බේරා දෙන ලෙසයි.
ඒ මේ වන විට කුඩා කවුළුවකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැන නගින ඇතැම් මත සම්බන්ධයෙන්.
" අපේ කොල්ලොන්ට සාධාරණයක් කරන්න සර්. උදේ කැන්ටිමේ අපිත් එක්ක එකට බත් කාපු කොල්ලෝ ටික සර් දවල්ට කන්න උන් හිටියේ නෑ සර්. ඔක්කෝටම ගැහුවේ ඔළුවටමයි සර්. ජාතික වීරයෝ සර් මුන් නිදිකරවලා යවන්නේ අපි. ඕන දේකට හිටපු මිනිස්සු සර් අපි. අර නිලධාරියා හින්දා තමා මේ ලොකු ව්‍යසනේ බේරුණේ සර්. ඌ ජාතික වීරයෙක් සර්. ඌ නැතුව හිටියා නම් සර් උන් 1500ක් විතර එළියට ආවා නම් සර් මුළු නිලධාරීන් ටිකම ඉවරයි. නිලධාරීන් විතරක් නෙවෙයි ජනතාවත් ඉවරයි සර්. ඒ නිලධාරියව බේරලා දෙන්න සර්. ඌ මරණ චේතනාවෙන් නෙවේ වෙඩි තියන්නේ සර්. ඇතුළට දාලා බිමට වෙඩි තියන්නේ සර්. සර් අපේ මේ නිලධාරීන් හිරකාරයින්ගෙන් වතුර වීදුරුවක් බොන්නෑ සර්. අපි මේ නිල ඇඳුම් ඇඳ ගත්තේ වෙනම ඒකකයක් විදිහට සර්. මේ පිට යන්නේ මොනවද සර්. වැලිකඩ හිරකාරයන්ගෙන් වුණත් අහන්න සර් අපි එයාලට සලකන විදිහ අපි ඒගොල්ලොන්ට අමානුෂිකව සලකන් නෑ සර්. අපි මානව හිමිකම් කෝස් කරලා තියෙන්නේ සර්. ඒවට අනුව තමයි කරන්නේ සර්. නිලධාරියාව අසරණ කරන්න එපා සර් ඒ නිලධාරියා නිසා තමා සර් ජනතාව එතන හිටපු සේරම බේරුණේ. ලෑලි දොර කඩන් ආවා නම්.."
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
මෙහිදී අධිකරණ අමාත්‍යවරයා, එම නිලධාරීන්ට කිසිම අසාධාරණයක් වීමට ඉඩ නොදී යුක්තිය ඉටු කරන බවට ඔවුන්ට පොරොන්දු විය.





