බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

බැංකු ආයතන විසින් කිසිදු විටෙක දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් මගින් ඔබගේ OTP (One Time Password) අංක ඉල්ලා නොසිටියි. ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකය යනු ඔබගේ ගිණුමේ ආරක්ෂාව තහවුරු කරන රහස්‍ය අංකයකි. එය තුන්වන පාර්ශවයකට ලබා දීම යනු ඔබගේ ගිණුමේ ඇති මුදල් අහිමි වීමට මග පාදන "බිලී කොක්කක්" වැනිය. කවුරුන් හෝ ඔබව බිය ගන්වමින් හෝ පොළඹවමින් OTP ඉල්ලා සිටියද, කිසිදු විටෙක එය ලබා නොදෙන්න. ඔබගේ ගිණුමේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ඔබ සතු බැවින්, සැමවිටම විමසිලිමත් වන්න. ඔබගේ OTP අංකය රහසිගතව තබා ගන්න - ඔබගේ මුදල් සුරක්ෂිත කර ගන්න.