විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බවයි.
අද (8) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් පසුගිය 2025 වසර තුළ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කිරීමට හැකි වූ බවයි.
පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද විදේශ රැකියා නියුක්තිකයන් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබාදෙන මෙම සුවිශේෂී දායකත්වය අගය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.